බ්‍රා කප් හදන්න හොංකොං සමාගමක් මෙරටට
Monday, 13 February 2023 - 13:11 | Views - 3,105
හොංකොං හි පිහිටි Grand Gain Industrial Ltd. (GG), සමාගම විසින් අමෙරිකානු ඩොලර් මිලියන 3.5ක් මුදලක් රඹුක්කන පිහිටි බ්‍රා කප් නිෂ්පාදන මධ්‍යස්ථානයක් සඳහා ආයෝජනය කර තිබෙනවා.

මෙම සමාගම, බ්‍රෙසියර් කර්මාන්තය සඳහා පොලියුරේටීන් ෆෝම් කප් නිෂ්පාදනය සහ විකිණීම සම්බන්ධයෙන් විශේෂිත වූ සමාගමක් ලෙසයි සැලකෙන්නේ.

නව කර්මාන්ත ශාලාවේ සමාරම්භක උත්සවය එම සමාගමේ ප්‍රධානීන් සහ ආයෝජන මණ්ඩලයේ (BOI) ඉහළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැත්වුණා.

මෙම කර්මාන්තශාලාව මගින් නව රැකියා අවස්ථා 600ක් උත්පාදනය කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම, මෙම කර්මාන්තශාලාව, Brandix සහ MAS සමාගම්වල හවුල්කරුවන් සමඟ ඔවුන්ට සමගාමීව ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන කර්මාන්තය වැඩිදියුණු කරනු ඇති බවයි වාර්තා වෙන්නේ.

1994 දී ආරම්භ කරන ලද මෙම සමාගමේ මූලස්ථානය හොංකොං හි පිහිටා ඇති අතර චීනයේ Longnan හි වර්ග මීටර් 12,000ක කර්මාන්ත ශාලාවක් ඇති අතර වසරකට ෆෝම් කප් යුගල මිලියන 25කට වඩා නිෂ්පාදනය කරනු ලබනවා.
 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top