හොංකොං හි පිහිටි Grand Gain Industrial Ltd. (GG), සමාගම විසින් අමෙරිකානු ඩොලර් මිලියන 3.5ක් මුදලක් රඹුක්කන පිහිටි බ්‍රා කප් නිෂ්පාදන මධ්‍යස්ථානයක් සඳහා ආයෝජනය කර තිබෙනවා.
මෙම සමාගම, බ්‍රෙසියර් කර්මාන්තය සඳහා පොලියුරේටීන් ෆෝම් කප් නිෂ්පාදනය සහ විකිණීම සම්බන්ධයෙන් විශේෂිත වූ සමාගමක් ලෙසයි සැලකෙන්නේ.
නව කර්මාන්ත ශාලාවේ සමාරම්භක උත්සවය එම සමාගමේ ප්‍රධානීන් සහ ආයෝජන මණ්ඩලයේ (BOI) ඉහළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැත්වුණා.
මෙම කර්මාන්තශාලාව මගින් නව රැකියා අවස්ථා 600ක් උත්පාදනය කිරීමට ද සැලසුම් කර තිබෙනවා.
එමෙන්ම, මෙම කර්මාන්තශාලාව, Brandix සහ MAS සමාගම්වල හවුල්කරුවන් සමඟ ඔවුන්ට සමගාමීව ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන කර්මාන්තය වැඩිදියුණු කරනු ඇති බවයි වාර්තා වෙන්නේ.
1994 දී ආරම්භ කරන ලද මෙම සමාගමේ මූලස්ථානය හොංකොං හි පිහිටා ඇති අතර චීනයේ Longnan හි වර්ග මීටර් 12,000ක කර්මාන්ත ශාලාවක් ඇති අතර වසරකට ෆෝම් කප් යුගල මිලියන 25කට වඩා නිෂ්පාදනය කරනු ලබනවා.