අද ජල සැපයුම අත් හිටවන ප්‍රදේශ - විස්තර මෙන්න
Monday, 13 February 2023 - 9:59 | Views - 324
රත්තොට ජල පවිත්‍රාගාරයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් පැය 10ක ජල කප්පාදුවක් සිදු කිරීමට ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, අද (13) පස්වරු 08 සිට හෙට (14) පෙරවරු 6 දක්වා මෙම ජල සැපයුම නවතිනු ඇති.
ජල සැපයුම අත් හිටවන ප්‍රදේශ ලෙස රත්තොට, කයිකාවල සහ වේරගම නම් කර තිබෙනවා.
ජල කප්පාදුව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම් 1939 ක්ෂණික දූරකථන අංකය හා සම්බන්ධ වන්න.
Share This Article