නවසීලන්තයට අවදානමක් ?
Sunday, 12 February 2023 - 13:45 | Views - 424
සුළි කුණාටුවක අවදානම හේතුවෙන් නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නගරවාසීන්ට හැකි ඉක්මණින් ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසටයි කාලගුණ විද්‍යා අංශ දැනුම්දී ඇත්තේ.

මේ වනවිට ගේබ්‍රියෙල් නමැති සුළිකුණාටුවේ කේන්ද්‍රය නවසීලන්තයට සැතපුම් 910 ක් දකුණින් පිහිටා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

සුළි කුණාටුව හේතුවෙන් තද වැසි ඇතිවිය හැකි අතර, පැයට කිලෝමීටර 133 ක පමණ වේගයකින් තද සුළංද බලපෑ හැකි බවයි බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ.

ඒ හේතුවෙන් ගුවන් ගමන් රැසක්ද අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පසුගිය මාසයේ ඕක්ලන්ඩ් නගරයට වාර්තාගත වර්ෂාවක් පතිත වූ අතර, ජලගැලීම් හේතුවෙන් සිව්දෙනෙකු මියගොස් තිබුණා.

දෙවන ගණයේ සුළි කුණාටුවක් වන ගේබි්‍රයෙල් පැයට කිලෝමීටර 140 ක වේගයෙන් ඔස්ට්‍රෙලියාවේ නෝෆෝක් දූපතට ඊයේ කඩාවැදී ඇති බව සඳහන්. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top