සුළි කුණාටුවක අවදානම හේතුවෙන් නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
නගරවාසීන්ට හැකි ඉක්මණින් ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසටයි කාලගුණ විද්‍යා අංශ දැනුම්දී ඇත්තේ.
මේ වනවිට ගේබ්‍රියෙල් නමැති සුළිකුණාටුවේ කේන්ද්‍රය නවසීලන්තයට සැතපුම් 910 ක් දකුණින් පිහිටා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
සුළි කුණාටුව හේතුවෙන් තද වැසි ඇතිවිය හැකි අතර, පැයට කිලෝමීටර 133 ක පමණ වේගයකින් තද සුළංද බලපෑ හැකි බවයි බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ.
ඒ හේතුවෙන් ගුවන් ගමන් රැසක්ද අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පසුගිය මාසයේ ඕක්ලන්ඩ් නගරයට වාර්තාගත වර්ෂාවක් පතිත වූ අතර, ජලගැලීම් හේතුවෙන් සිව්දෙනෙකු මියගොස් තිබුණා.
දෙවන ගණයේ සුළි කුණාටුවක් වන ගේබි්රයෙල් පැයට කිලෝමීටර 140 ක වේගයෙන් ඔස්ට්‍රෙලියාවේ නෝෆෝක් දූපතට ඊයේ කඩාවැදී ඇති බව සඳහන්.