වාහන ලක්ෂ 07ක එයාර් බෑග් - අතිශය අනතුරුදායකයි ! (Video)
Sunday, 12 February 2023 - 12:38 | Views - 3,593
ධාවනයේ දී වායු බැලූන ක්‍රියාකාරිත්වය ඇතුළු අනාරක්ෂිත බව හේතුවෙන් ලෝකය පුරා ආපසු කැඳවන ලද විවිධ මෝටර් රථ කාණ්ඩ හා මාදිලිවලට අයත් මෝටර් රථ වාහන ලක්ෂ 07කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිටත් (12) මෙරට තුළ ධාවනයේ යෙදෙන බව වාර්තා වනවා.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ සඳහන් කළේ වායු බැලූන ක්‍රියාකාරිත්වයේ දී රියදුරාට ඉතා අවදානම් විය හැකි වර්ගයේ මෝටර් රථ ඇතුළු සුපිරි පන්නයේ ජීප් රථ ද මෙලෙස මාර්ගයේ ධාවනය වන බවට තහවුරු වී ඇති බවයි.
නිෂ්පාදන දෝෂ සහිත නිසා එම කාණ්ඩයන්ට අයත් වාහන ලෝකයේ සෙසු රටවල ආපසු කැඳවා ඒවායේ වායු බැලූන යළි සකස් කර ඇතත් මෙරට එම කාණ්ඩයන්ට අයත් වාහන කිසිදු පරීක්ෂාවකින් තොරව ධාවනය කරන බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට සාක්ෂි හමු වී තිබෙනවා.
මේ වනවිටත් වාහන ආනයනික ඒජන්ත සමාගම් විසින් අදාළ අවදානම් කාණ්ඩ සහිත වාහන හිමිකරුවන් සම්බන්ධ විස්තර මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන එම වාහන යළි කැඳවීමට පියවර ගනිමින් සිටින බව ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
Share This Article