ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් - ට්විටර් පණිවුඩයක්
Sunday, 12 February 2023 - 11:20 | Views - 413
යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණා.

සිංහළ භාෂාවෙන්ම ට්විටර් පණිවුඩය නිකුත් කරමින් මෝදි පවසා ඇත්තේ මෙය ඉන්දු - ශ්‍රී ලංකා සමීප සබඳතා පෙන්නුම් කරන ් සංස්කෘතික සහයෝගීතා ව්‍යාපෘතියක් බවයි.

එමඟින් විශාල ජනතාවකට සුබසිද්ධියක් සැළසෙන බවද සඳහන් කර ඇති ඉන්දිය අග්‍රාමාත්‍යවරයා විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගිවීම සම්භාවනීය අවස්ථාවක් බවද සිය ට්විටර් පණිවුඩය මගින් දක්වා තිබෙනවා.

යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ රටේ ආර්ථික අර්බුදයේදී ණය උගුලෙන් ගැලවීම සඳහා ඉන්දියාව සහාය ලබාදුන් බවයි.

සංහිදියාව, සංවර්ධනය සහ සංස්කෘතිය ප්‍රතිපත්තිය කොට ගෙන රට ඉදිරියට ගෙන යෑම රජයේ ප්‍රතිපත්තිය බව ද එහිදී ජනාධිපතිවරයා සඳහන් කළා.

මේ අතර, උතුරේ අවතැන් වූ පවුල් 197 ක් සඳහා චෙක්පත් සහ ඉඩම් හිමිකම් ප්‍රදානය කිරීම ඊයේ සිදුකෙරුණා. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top