ඉදිරි සතිය ඇතුළත බිත්තර ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.
ඔහු කියා සිටියේ උත්සව සමයේ බිත්තර හිඟයක් මතුවිය හැකි බැවින් බිත්තර ආනයනය කළ යුතුව ඇති බවයි.
මේ අතර, යළිත් වරක් ප්‍රදේශ කිහිපයක බිත්තර හිඟයක් දක්නට ලැබෙන බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ පවසනවා.
ඔහු කියා සිටියේ බිත්තර ආනයනයට අවශ්‍ය අවසර ලබානොදීම සම්බන්ධයෙන් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.