දරුවන්ට දෙන එන්නත් ගැන මවුවරු විශේෂයෙන් දැනගත යුතු කරුණු පිළිබඳ පසුගිය ලිපියෙන් පැහැදිලි කළා ඔබට මතක ඇති. එහෙත් චූටි පැටියාට දෙන එන්නත් ගැන ඊට වඩා දැනගත යුතු කරුණු තවත් තිබෙනවා. මේ සම්බන්ධව බොහෝ පිරිස් අසන ගැටලු නිසාම තව දුරටත් කරුණු මෙම ලිපියෙන් විමසා බලමු. පෞද්ගලික රෝහල්වල උපදින දරුවන්ට ලබාදෙන එන්නත් රජයේ සායනවල ලබා දෙන එන්නත්වලට වඩා වෙනස් යැයි වැඩි දෙනා අතර මතයක් තිබෙනවා. පෞද්ගලික රෝහලක දරුවෙකු උපත ලැබුවත් දරුවා රෝහලින් පිටවීමට පෙර බී.සී.ජී. එන්නත දෙනවා. බොහෝ විට එම රෝහල තුළදීම එන්නත ලබා දෙන අතර ඇතැම් අවස්ථාවල ළඟම ඇති රජයේ රෝහලට දරුවා යවා එන්නත ලබාදෙනවා.පෞද්ගලික රෝහලක උපන් දරුවෙකුට වුවද මාස දෙකේ සිට ඉදිරියට ඇති එන්නත් රජයේ සායනයකට සහභාගි වී ලබා ගන්න පුළුවන්.විවිධ හේතු නිසා ඇතැම් මවුපියන් දරුවාගේ එන්නත්වලින් කොටසක් හෝ සියල්ලම පෞද්ගලික අංශයෙන් ලබා ගැනීමට කටයුතු කරනවා. පෞද්ගලික අංශයෙන් එන්නත් ලබාදෙනවා නම් අදාළ කාලයේදී ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වී fවෛද්‍ය අධීක්ෂණය යටතේ එන්නත් ලබා දීම සිදු කළ යුතුයි.රජයේ සහ පෞද්ගලික රෝහල්වලින් දෙන එන්නත් වෙනස්ද? මාස 2,4,6 වයස්වල දරුවන්ට රජයේ සායනවලදී ‘පංච සංයුජ’ නම් එන්නත සහ පෝලියෝ බිංදු ලබා දෙයි. පංච සංයුජ යනු රෝග පහකින් ආරක්ෂාවීම සඳහා ලබා දෙන තනි එන්නතක්. එම රෝග නම් ගලපටලය, කක්කල්කැස්ස, පිටගැස්ම, හෙපටයිටිස්- ඊ සහ බී යන රෝග පහයි. පෞද්ගලික අංශයේද මෙම වයස්වලදී දරුවාට එන්නත් ලබාදෙනවා. එසේ දෙන්නේ රෝග පහකින් නොව හයකින් ආරක්ෂාවීම සඳහා එක එන්නතක් ලෙසටයි. ඒ ඉහත රෝග පහ සහ පෝලියෝ රෝගය සඳහායි. එය රජයේ මෙන් බිංදුවක් ලෙස නොව එන්නතක් ලෙස මෙම එන්නතටම සම්බන්ධ කර ලබා දෙයි. මේ නිසා පෞද්ගලික අංශයේදී පෝලියෝ බිංදු ලබාදීමක් සිදු නොවේ. මාස නවයේදීමේ හැර දරුවාට වයස මාස නවයේදී සහ අවුරුදු තුනේදී දරුවන්ට සරම්ප, කම්මුල්ගාය සහ රුබෙල්ලා යන රෝග සඳහා වන එන්නත (MMR එන්නත) ලබා දෙයි. වයස අවුරුද්දක් සම්පූර්ණ වූ දරුවාට Japanese Encephalitis (මොළේ උණ) එන්නත ලබා දෙයි. ඉහත එන්නත් වර්ග දෙකම රජයේ සායන මෙන්ම පෞද්ගලික අංශයෙන්ද වෙනසක් නැතිව ලබා දෙයි.පෞද්ගලික අංශයෙන් එන්නත් ලබා දෙන දරුවන්ට වයස මාස 2,4,6 දී ලබා දෙන්නේ ඉහත සඳහන් කළ එන්නත් හයකින් සමන්විත එන්නතම ය.අවුරුදු එකහමාරේදීවයස අවුරුදු එකහමාරේදී රජයේ සායන මගින් පෝලියෝ බිංදු සමග ත්‍රිසංයුජ එන්නත (එනම් ගලපටලය, කක්කල් කැස්ස, සහ පිටගැස්ම සඳහා) ලබා දෙන අතර පෞද්ගලික අංශයෙන් එන්නත ලබා දීමේදී මෙම වයසට ඉහත සඳහන් සංයුජ එන්නත ලබාදීම සිදු කරයි.අවුරුදු පහේදීවයස අවුරුදු පහේදී රජයේ සායන මගින් පෝලියෝ බිංදු සමග ගලපටලය සහ පිටගැස්ම සඳහා වන එන්නතක් ලබා දෙයි.එහෙත් පෞද්ගලික අංශයේදී නම් මෙම වයසේදී බොහෝ විට ලබා දෙන්නේ ගලපටලය කක්කල් කැස්ස සහ පිටගැස්ම සඳහා වන ත්‍රිත්ව සංයුජ එන්නතක්.වයස එකහමාරේදී සහ පහේ එන්නත් ලබා දීමේදී රජයේ සහ පෞද්ගලික අංශයේ යම් වෙනස්කම් ඇති බව ඔබට පෙනී යනවා ඇති. මෙයට හේතුව රාජ්‍ය අංශයේ ලබා දෙන ඇතැම් එන්නත්, විශේෂයෙන් පෝලියෝ බිංදු ඒ ආකාරයෙන්ම පෞද්ගලික අංශයෙන් ලබා ගත නොහැකිවීමයි. සමස්ත එන්නත්කරණ ක්‍රියාවලීන් ගැන සැලකීමේදී මේවා සුළු වෙනස්කම් වේ. එසේම ඒවායෙන් සැලකිය යුතු ගැටලු ඇතිවන්නේ නැහැ.අමතර එන්නත් තිබෙනවාද? ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ සායන මගින් ලබා දෙන ඉහත සඳහන් එන්නත්, දරුවන්ගේ ප්‍රතිශක්තිකරණය සඳහා අත්‍යවශ්‍ය යැයි නිර්දේශ කර තිබෙන ඒවායි. මීට අමතරව පෞද්ගලික අංශයෙන් ලබා දිය හැකි අමතර එන්නත් කිහිපයක්ද තිබෙනවා. මේවා අත්‍යවශ්‍ය යැයි රජය විසින් නිර්දේශ කර නැහැ. එහෙත් විශේෂිත රෝගකාරක විෂබීජ කිහිපයකින් ආරක්ෂාව ලැබීමට මෙම එන්නත් උදව් වෙනවා.රෝටා වයිරස් එන්නතළදරුවන්ට ඇතිවෙන පාචන රෝග ඇති කරන ප්‍රධාන වයිරසය වන්නේ රෝටා වයිරසයයි. මෙම එන්නත මගින් කුඩා කාලයේදී දරුවන්ට ඇතිවෙන පාචනයට යම් ආරක්ෂාවක් ලැබේ. මෙම එන්නත මාස දෙක සහ හතර එන්නත් සමග කටින් ලබා දෙන දියරයක් ලෙස දරුවාට ලබා දිය හැකියි. නියුමෝකොකර්ස් එන්නතනියුමොකොකර්ස් ලෙස හැඳින්වෙන්නේ දරුවන්ට නියුමෝනියාව සහ මොළයේ ආසාදන ඇති කළ හැකි බැක්ටීරියාවකි. මෙම එන්නත අවශ්‍ය නම් දරුවාට වයස මාස 2,4,6 සහ 18 දී ලබා දෙන එන්නත් සමග ලබා දිය හැකියි. එසේ නැත්නම් පසුව වෙනම එන්නතක් ලෙසද දිය හැකියි. පැපොල එන්නතපැපොල රෝගය වැළැක්වීමට එන්නතක් තිබෙනවා. එය ලබා දෙන්නේ වයස අවුරුදු එක ඉක්ම වූ දරුවන්ටයි. මෙය මාත්‍රා දෙකකින් යුක්තයි. සාමාන්‍ය ප්‍රතිශක්තියක් ඇති සෞඛ්‍ය සම්පන්න දරුවන්ට මෙම එන්නත් ලබාදීම අත්‍යවශ්‍ය නැහැ.ඇතැම් දීර්ඝකාලීන රෝගවලින් පෙළෙන දරුවන්ට ඉහත සඳහන් රෝග ආසාදනය වීමේ අවදානමක්ද ආසාදනය වූ විට සංකූලතා ඇති වීමේ අවදානමද ඉහළයි. එවැනි දරුවන්ට වෛද්‍ය නිර්දේශ මත ඉහත සඳහන් අමතරව එන්නත් ලබා දෙන අවස්ථා ලබා දෙන අවස්ථා තිබේ.උපදෙස් :- මාරවිල මූලික රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්යඅසංග රාජපක්‍ෂ
ශිරානි ගල්ලෑල්ල
උපුටා ගැනීමකි..