භූ කම්පනවලට හේතුව - මහාචාර්යවරයෙක් හෙළි කරයි
Saturday, 11 February 2023 - 10:30 | Views - 824
බුත්තල ප්‍රදේශයට දැනුණු භූ කම්පනයට හේතුව ඉන්දු - ඔස්ට්‍රෙලියානු භූ තලයේ බිඳී යාමක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න පවසනවා.

ඉන්දු ඔස්ට්‍රෙලියානු තලයේ හරි මැදින් සිදු වන මෙම බිඳී යාම දැනට වසර 15 - 20 පමණ කාලයක සිට වේගවත්ව සිදු වෙමින් පවතින බවත් ඒ හේතුවෙන් එම බිඳී යාමට ආසන්නයේ ම පවතින රට ලෙස ශ්‍රී ලංකාව මෙවැනි සුළු භූ කම්පන තත්ත්වයන්ට මුහුණ දීමේ හැකියාවක් පවතින බවයි ඔහු පවසන්නේ.

එසේ ම මෙම සුළු භූ කම්පනය සම්බන්ධයෙන් ජනතාව එතරම් බිය විය නො යුතු බවත් ශ්‍රී ලංකාවට සැතපුම් 1000ක පමණ දුරින් සිදුවන මෙම තල බිඳී යාම හේතුවෙන් රිච්ටර් මාපකයේ මීට වැඩි භූ කම්පන තත්ත්වයන් ඉදිරියේ දී ඇති විය හැකි බවත් මහාචාර්යවරයා පෙන්වා දෙනවා.

ඊයේ (10) වැල්ලවාය - බුත්තල - පැලවත්ත යන ප්‍රදේශයන්හි දහවල් කාලයේ දී රික්ටර් මාපකයේ ඒකක 3කට ආසන්න සුළු භූ කම්පන තත්ත්වයන් වාර්තා වූ අතර අද (11) අලුයම 3.48 ට පමණ රික්ටර් පරිමාණයේ ඒකක 2.3ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් වාර්තා වුණා.

මෙම භූ කම්පන සම්බන්ධයෙන් භූ විද්‍යා හා පතල් කැනීම් කාර්‍යාංශය පවසා සිටියේ ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නැති බවයි. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top