ලබන මාර්තු මස 9 වනදා පැවැත්වීමට සැළසුම් කර ඇති පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් අද(10) යළි විභාගයට ගැනුණා.
එහිදී මැතිවරණය පැවැත්වීම මාර්තු නවයට ස්ථිර වී තිබෙනවා.
මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් සඳහන් කළේ, ජනතාවගේ අයිතියක් වන, සර්ව ජන ඡන්ද බලය ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ, මැතිවරණ කොමිෂන් සභාවට වන බැවින් සහ මැතිවරණ කොමිෂන් සභාව නිසි ආකාරයට ඡන්දය පවත්වන බවට තම අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් දී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අධිකරණයට නියෝග නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව යි.
කෙසේ වෙතත්, ඡන්ද විමසීමේ කටයුතු අත්හිටුවීමේ රිට් ආඥාවක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස ඉල්ලා පසුගියදා පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබුවේ විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර විසින්.
එම පෙත්සමේ තිබු දෝෂ සැලකිල්ලට ගනිමින් එය සලකා බැලීම මේ මස 23 වෙනිදා දක්වා කල් දමා තිබෙනවා.
කෙසේ වෙතත්, පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පෙබරවාරි 22, 23 සහ 24 යන දිනවල පැවැත්වෙන බව මැතිවරණ කොමිසම මීට පෙර සඳහන් කළා.