සුමති සම්මාන උළෙලේ හිරුට හිමි සම්මාන.. (Photos)
Friday, 10 February 2023 - 8:26 | Views - 452
මේ වනවිට (09) කොළඹ වෝටර්ස් ඒජ් පරිශ්‍රයේ පැවැත්වෙමින් තිබෙන මෙවර 2023 සුමති සම්මාන උළෙලේ සම්මාන රැසක් හිමි කර ගැනීමට හිරු ප්‍රවෘත්ති අංශය සමත් වුණා.

හිරුට අද රාත්‍රියේ හිමි වූ පළමු සම්මානය ලෙස සම්මානයට පාත්‍ර වූයේ 2021 වසරේ හොඳම ප්‍රවෘත්ති නිවේදිකා සම්මානය යි.

ඒ අනුව හොඳම ප්‍රවෘත්ති නිවේදිකා සම්මානයෙන් පිදුම් ලැබුවේ හිරු ප්‍රවෘත්ති අංශයේ රෝෂිණී විජේසුරිය යි.

2021 වසරේ හොඳම රූපවාහිනී ගවේෂණශීලී ප්‍රවෘත්ති වාර්තාකරණයට හිමි සම්මානය ද හිරු ප්‍රවෘත්ති අංශයේ පූරක පානුක රාජපක්ෂ හිමි කරගත්තේ භාවිතයට නුසුදුසු පොල්තෙල් සම්බන්ධ ව අදාළ පුවත රටටම හෙළි කිරීම වෙනුවෙන්.

2023 සුමති සම්මාන රාත්‍රියේ දී 2021 හොඳම කාලීන පුවත් වාර්තාකරණය දෙවැනි ස්ථානය ද හිරු ප්‍රවෘත්ති අංශය විසින් දිනාගනු ලැබුවා.

මේ අතර හොඳම ඒකාංගික ටෙලි නාට්‍යයට හිමි සම්මානය ද හිරු ටීවී දිනාගත්තා.

එම සම්මානය හිමිවූයේ 2021 වර්ෂයේ විකාශනය වූ සෙනෙහසක නිම්නය ඒකාංගික ටෙලිනාට්‍යය වෙනුවෙන්.

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති විකාශයේ සජීවී නිමැවුම්කරුවන් ව ඉහළින් ම ඔසවා තැබූ සහෘද ප්‍රේක්ෂක ඔබට හිරු ටී.වී. ගෞරවනීය ප්‍රණාමය ...!

සත්‍යය සේ ම, කඩිනම්, විශ්වසනීය පුවත් සමග රැඳී සිටින්න... කවදත් ප්‍රවෘත්ති ලොව ඉහළින් ම වැජඹෙන හිරු නිව්ස් සමගින්...
 
May be an image of 1 person, standing and text

May be an image of 1 person, standing and text


 
 
 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top