බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ක්ෂේත්රයේ දැවැන්ත වර්ජනයක් අද
Monday, 06 February 2023 - 10:28 | Views - 358
බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවකයින් අද (06) දිනයේ ඓතිහාසික වර්ජනයකට එක්වීමට නියමිතයි.
වසර 75 කට පසුව බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දැවැන්ත වර්ජනය මෙය ලෙසයි සැළකෙන්නේ.
ඊට සමගාමීව පා ගමනක් ද සංවිධාන කර තිබෙනවා.
වැඩි වැටුප් ඉල්ලා වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුලු සෞඛ්‍ය ක්ෂේත්රයේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙම වර්ජනයට එක්වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මීට පෙර බ්‍රිතාන්‍යයේ ගුරුවරුන් ද වැඩි වැටුප් ඉල්ලා දැවන්ත වර්ජනයක නිරතවුණා.
Share This Article