ලිට්රෝ ගෑස් මිල ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමත් සමඟ ලාෆ් ගෑස් මිල ද සංශෝධනය කරන ආකාරය පිළිබඳව අද (06) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.එමෙන්ම ගෑස් මිල වැඩි කිරීම හේතුවෙන් සිය නිෂ්පාදනවල මිල ගණන් සංශෝධනය කිරීම පිළිබඳ අවසන් තීරණය අද ප්‍රකාශයට පත්කරන බවයි සමස්ත ලංකා ආපාණශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ.කිලෝග්‍රෑම් 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 334 කින් ඉහළ දැමුණු අතර, ඒ අනුව එහි නව මිල සටහන් වූයේ රුපියල් 4,743 ක් ලෙසයි.එමෙන්ම කිලෝග්‍රෑම් පහ ගෑස් සිලින්ඩරයක් රුපියල් 134 කින් ඉහළ දැමුණු අතර, එහි නව මිල රුපියල් 1,904 ක් ලෙස සටහන් වුණා.කිලෝග්‍රෑම් 2.3 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 61 කින් ඉහළ දැමෙන අතර, එහි නව මිල රුපියල් 883 ක්.
update..,
ගෑස් මිල ඉහළ දැමුව ද ආපාණශාලාවල ආහාර මිල ඉහළ දැමීමක් සිදු නොකිරීමට සමස්ත ලංකා ආපාණශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
එහි සභාපති අසේල සම්පත් කියා සිටියේ සිය සංගමයේ සාමාජිකයන් රැස්වී ඊයේ (05) මෙම තීරණය ගත් බවයි.
එමෙන්ම ගෑස් මිල ඉහළ ගිය ද බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ද ප්‍රකාශ කළා.