ගෑස් සහ ආපාණශාලා තීරණය - මිල ඉහළ යන්නේ නෑ
Monday, 06 February 2023 - 10:01 | Views - 618
ලිට්රෝ ගෑස් මිල ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමත් සමඟ ලාෆ් ගෑස් මිල ද සංශෝධනය කරන ආකාරය පිළිබඳව අද (06) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

එමෙන්ම ගෑස් මිල වැඩි කිරීම හේතුවෙන් සිය නිෂ්පාදනවල මිල ගණන් සංශෝධනය කිරීම පිළිබඳ අවසන් තීරණය අද ප්‍රකාශයට පත්කරන බවයි සමස්ත ලංකා ආපාණශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

කිලෝග්‍රෑම් 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 334 කින් ඉහළ දැමුණු අතර, ඒ අනුව එහි නව මිල සටහන් වූයේ රුපියල් 4,743 ක් ලෙසයි.

එමෙන්ම කිලෝග්‍රෑම් පහ ගෑස් සිලින්ඩරයක් රුපියල් 134 කින් ඉහළ දැමුණු අතර, එහි නව මිල රුපියල් 1,904 ක් ලෙස සටහන් වුණා.

කිලෝග්‍රෑම් 2.3 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 61 කින් ඉහළ දැමෙන අතර, එහි නව මිල රුපියල් 883 ක්. 

update..,

ගෑස් මිල ඉහළ දැමුව ද ආපාණශාලාවල ආහාර මිල ඉහළ දැමීමක් සිදු නොකිරීමට සමස්ත ලංකා ආපාණශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එහි සභාපති අසේල සම්පත් කියා සිටියේ සිය සංගමයේ සාමාජිකයන් රැස්වී ඊයේ (05) මෙම තීරණය ගත් බවයි.

එමෙන්ම ගෑස් මිල ඉහළ ගිය ද බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ද ප්‍රකාශ කළා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top