ව්‍යාපාරිකයා ඝාතනයට ඇල්ලූ සැකකරුවන් අද අධිකරණයට
Monday, 06 February 2023 - 8:57 | Views - 611
පැලවත්ත නිවසක නාන තටාකයේ තිබී සොයාගත් නිමි ඇදුම් ව්‍යාපාරිකයාගේ මරණය සිදු වූ ආකාරය සම්බන්ධයෙන් මේ වනවිට (06) වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා.

මෙම සිද්ධියේ 27 හැවිරිදි ප්‍රධාන සැකකරු සහ 23 හැවිරිදි බිරිඳ ඊයේ අත්අඩංගුවට ගත් අතර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ මෙම ඝාතනය ඔහු විසින් සිදු කර ඇති බවටයි.

සමාජ මාධ්‍ය මිතුරු ජාලයක් හරහා තමන් අදාළ ව්‍යාපාරිකයා හඳුනාගත් බවත්, පළමුවරට එම ව්‍යාපාරිකයා හමුවුයේ පසුගිය 30 වනදා බවත් සැකකරු පොලිසියට සඳහන් කර තිබෙනවා.

පළමුව වෙනත් ස්ථානයකදී ව්‍යාපාරිකයා හමුවීමට කතිකා කර ගත්ත ද පසුව පැලවත්ත ප්‍රදේශයේ නිවස වෙත පැමිණීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව ව්‍යාපාරිකයාගේ මෝටර් රථයෙන් ඔහු එම නිවසට ගොස් ඇති අතර එහිදී සැකකරු ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ඇති බව ද පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙනවා.

ව්‍යාපාරිකයා එහිදී සඳහන් කර ඇත්තේ, තමන් සතුව එතරම් මුදලක් මෙම අවස්ථාවේ නොමැති බවයි.

මුදල් ලබා නොදීම හමුවේ යම් මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති බව ද පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙනවා.

කෙසේවෙතත් එහිදී ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සැකකරු ව්‍යාපාරිකයාට මුගුරකින් පහර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ව්‍යාපාරිකයා මියයාමෙන් අනතුරුව සැකකරු ඔහුගේ බැංකු කාඩ්පත් සහ මුදල් පසුම්බිය රැගෙන ව්‍යාපාරිකයාගේ මෝටර් රථයෙන්ම නිවසෙන් පිටව ගොස් තිබෙනවා.

එලෙස පිටව ගොස් ව්‍යාපාරිකයාගේ බැංකු කාඩ්පත භාවිත කර ඉන්දුනිසියාව වෙත යාමට ගුවන් ටිකට් පත් දෙකක් මිල දී ගෙන ඇති අතර ගුවන් තොටුපළට ගොස් ආපසු පැමිණ ඇත්තේ එම අවස්ථාවේදීම වීසා ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන්.

කෙසේ වෙතත් ආපසු පැමිණ මොවුන් නිවසක් ලබා ගැනීමට ව්‍යාපාරිකයාගේ බැංකු කාඩ් පතින් රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ද ඇතුළු තවත් රුපියල් ලක්ෂ 8ක පමණ මුදලක් ලබාගෙන ඇති බව කොළඹ අපරාධ කොට්ඨාස සිදු කළ විමර්ශනවල දී හෙළිව තිබෙනවා.

බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින නිවසක පිහිනුම් තටාකයේ තිබී එහි හිමිකරු වන අදාළ නිමි ඇදුම් ව්‍යාපාරිකයාගේ මළ සිරුර සොයාගනු ලැබුවේ පසුගිය 02 වනදායි.

49 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ඔහුගේ බිරිඳ අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top