තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්
Monday, 06 February 2023 - 8:38 | Views - 439
දකුණු තුර්කියේ ගැසින්ටෙප් ප්‍රදේශය ආසන්නයේ රික්ටර් මාපකයේ 7.8 ක භූ කම්පනයක් සිදුවී තිබෙනවා.

අද (06) අලුයම සිදු වූ මෙම කම්පනය සයිප්‍රස්, ග්‍රීසිය, ජෝර්දානය, ලෙබනනය, සිරියාව ඇතුලු රටවල් රැසකට දැනී ඇති බව සඳහන්.

කිලෝමීටර 18 ක ගැඹුරින් පොළොව අභ්‍යන්තරයේ ඇති වූ මෙම කම්පනයෙන් සිදු වූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.

එමෙන්ම ඊට සුළු මොහොතකට පසුව තවත් කම්පනයක් වාර්තාවී ඇති අතර, එය රික්ටර් මාපකයේ 6.7 ක් අගයක් ගත්තා.

එය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර 10 ක ගැඹුරින් සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. 

up date..

දකුණු තුර්කියේ ගැසින්ටෙප් ප්‍රදේශය ආසන්නයේ රික්ටර් මාපකයේ 7.8 ක භූ කම්පනයෙන් 50 දෙනෙකු මියගොස් තිබෙනවා.

අද (06) අලුයම සිදු වූ මෙම කම්පනය සයිප්‍රස්, ග්‍රීසිය, ජෝර්දානය, ලෙබනනය, සිරියාව ඇතුලු රටවල් රැසකට දැනී තිබුණා.

භූකම්පනය හේතුවෙන් ගොඩනැගිලි කිහිපයක් ද කඩා වැටී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top