තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්
Monday, 06 February 2023 - 8:38 | Views - 440
දකුණු තුර්කියේ ගැසින්ටෙප් ප්‍රදේශය ආසන්නයේ රික්ටර් මාපකයේ 7.8 ක භූ කම්පනයක් සිදුවී තිබෙනවා.
අද (06) අලුයම සිදු වූ මෙම කම්පනය සයිප්‍රස්, ග්‍රීසිය, ජෝර්දානය, ලෙබනනය, සිරියාව ඇතුලු රටවල් රැසකට දැනී ඇති බව සඳහන්.
කිලෝමීටර 18 ක ගැඹුරින් පොළොව අභ්‍යන්තරයේ ඇති වූ මෙම කම්පනයෙන් සිදු වූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.
එමෙන්ම ඊට සුළු මොහොතකට පසුව තවත් කම්පනයක් වාර්තාවී ඇති අතර, එය රික්ටර් මාපකයේ 6.7 ක් අගයක් ගත්තා.
එය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර 10 ක ගැඹුරින් සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
up date..
දකුණු තුර්කියේ ගැසින්ටෙප් ප්‍රදේශය ආසන්නයේ රික්ටර් මාපකයේ 7.8 ක භූ කම්පනයෙන් 50 දෙනෙකු මියගොස් තිබෙනවා.
අද (06) අලුයම සිදු වූ මෙම කම්පනය සයිප්‍රස්, ග්‍රීසිය, ජෝර්දානය, ලෙබනනය, සිරියාව ඇතුලු රටවල් රැසකට දැනී තිබුණා.
භූකම්පනය හේතුවෙන් ගොඩනැගිලි කිහිපයක් ද කඩා වැටී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Share This Article