“සීසර්ලාට වාහන උස්සන්න බලයක් නෑ”- පොලිස්පති
Sunday, 05 February 2023 - 15:32 | Views - 15,659
කල්බදු සමාගම් සහ මූල්‍ය සමාගම් මගින් වාහන අත්පත් කර ගැනීමේදී වාහනයට අදාළ වාරික මුදල් ගෙවා නැතැයි කියමින් මහමගදී ජනතාව බියවද්දමින් වාහන බලහත්කාරයෙන් පැහැරගෙන යාමට නීතියෙන් කිසිදු බලයක් නොමැති බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබෙනවා.

පොලිස්පතිවරයා මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බලන ලෙස ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් බවයි සඳහන්.

කෙසේ වෙතත්, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් මැදිහත්වීමෙන් සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සංගමය, සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහනය කිරීමේ සංගමය, ලීසිං වාරික ගෙවන්නන්ගේ සංගමය ආදී සංගම් නියෝජිතයන් සමග මේ පිළිබඳව සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව පොලිස්පතිවරයා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, කල්බදු සමාගම් සහ මූල්‍ය සමාගම් මගින් වාහන අත්පත් කර ගැනීමේදී ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව පොලිස්පතිවරයා එම චක්‍රලේඛයේ පැහැදිලිව දක්වා තිබෙන බවද සඳහන්.

ලීසිං හා ණය වාරික ගෙවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී මහ ජනතාව විසින් දැනට ලබා ගනු ලැබ ඇති ණය වාරික සඳහා සහන කාලයක් ලබා දීමට සලකා බලන බව ලංකා බැංකුව සහ මහජන බැංකුව ද ප්‍රකාශ කර තිබුණු බවද වැඩිදුරටත් සඳහන්. 

- උපුටා ගැනීම - මව්බිම 

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top