“සීසර්ලාට වාහන උස්සන්න බලයක් නෑ”- පොලිස්පති
Sunday, 05 February 2023 - 15:32 | Views - 15,660

කල්බදු සමාගම් සහ මූල්‍ය සමාගම් මගින් වාහන අත්පත් කර ගැනීමේදී වාහනයට අදාළ වාරික මුදල් ගෙවා නැතැයි කියමින් මහමගදී ජනතාව බියවද්දමින් වාහන බලහත්කාරයෙන් පැහැරගෙන යාමට නීතියෙන් කිසිදු බලයක් නොමැති බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබෙනවා.පොලිස්පතිවරයා මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බලන ලෙස ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් බවයි සඳහන්.කෙසේ වෙතත්, ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් මැදිහත්වීමෙන් සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සංගමය, සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහනය කිරීමේ සංගමය, ලීසිං වාරික ගෙවන්නන්ගේ සංගමය ආදී සංගම් නියෝජිතයන් සමග මේ පිළිබඳව සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව පොලිස්පතිවරයා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.ඒ අනුව, කල්බදු සමාගම් සහ මූල්‍ය සමාගම් මගින් වාහන අත්පත් කර ගැනීමේදී ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව පොලිස්පතිවරයා එම චක්‍රලේඛයේ පැහැදිලිව දක්වා තිබෙන බවද සඳහන්. ලීසිං හා ණය වාරික ගෙවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී මහ ජනතාව විසින් දැනට ලබා ගනු ලැබ ඇති ණය වාරික සඳහා සහන කාලයක් ලබා දීමට සලකා බලන බව ලංකා බැංකුව සහ මහජන බැංකුව ද ප්‍රකාශ කර තිබුණු බවද වැඩිදුරටත් සඳහන්.
- උපුටා ගැනීම - මව්බිම
Share This Article