ගෑස් මිල ඉහළට - නව මිල ගණන් දැනගන්න
Sunday, 05 February 2023 - 10:53 | Views - 1,005
අද (05) සිට ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රු 334කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රු 4,743 ක් ලෙසට ඉහළ යනු ඇති.
එසේම, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රු 134කින් ඉහළ දමා තිබෙන අතර එහි නව මිල රු 1,904 ක් ලෙසට ඉහළ යනු ඇති.
තවද, කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රු 61කින් ඉහළ දමා තිබෙන අතර එහි නව මිල රු 883 ක් ලෙසට ඉහළ යනු ඇති.
Share This Article