නැව් 06 යි - පෙබරවාරියට ප්‍රමාණවත්
Sunday, 05 February 2023 - 10:19 | Views - 12,163
ජනවාරි මාසයේ දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබූ ගල් අඟුරු නෞකා හතෙන් හයක් දිවයිනට රැගෙන ආ බව ලංකා ගල් අඟුරු සමාගම පවසනවා.

කෙසේ වෙතත්, එම ගල් අඟුරු තොග, පවතින විදුලි කප්පාදුව යටතේ පෙබරවාරි මාසයේ විදුලිය උත්පාදනය සඳහා නොරොච්චෝලේ බලාගාරයට ප්‍රමාණවත් බවයි එහි සභාපති ශෙහාන් සුමනසේකර කියා සිටියේ.

එසේම, පෙබරවාරි මාසය තුළ ගල් අඟුරු නෞකා 07 ක් රැගෙන ඒමට මීට පෙර සැලසුම් කර තිබුණත්, මේ මාසයේදී නෞකා 05 ක් පමණක් දිවයිනට ළඟාවීමට නියමිතව ඇති බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

මේ අතර, නොරොච්චෝලේ ලක්විජය ගල්අගුරු බලාගාරය වෙතින් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා ගල්අඟුරු මිල දී ගැනීමට අවශ්‍ය මුදල් ලබාදෙන ලෙස ලංකා ගල්අගුරු සමාගම විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබුණා.

අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් ලංකා ගල්අගුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර සදහන් කර තිබුණේ ජනවාරි 30 සිට පෙබරවාරි 03 වනදා දක්වා ගත වූ කාලය තුළ ගල්අඟුරු සදහා ඩොලර් මිලියන 12.32 ක් හෙවත් රුපියල් බිලියන 4.56 ක මුදලක් අවශ්‍යව තිබූ බවයි.

ඉන් කොටසක් සැපයුම්කරුවන් වෙත ගෙවීමට හැකි වුව ද, තවත් නෞකා කිහිපයකට අත්තිකාරම් සහ හිඟ මුදල් ගෙවීමට ඇති බවයි ගල්අගුරු සමාගම අදාළ ලිපියෙන් දැනුම් දී ඇත්තේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top