නවම් පුන් පොහෝ දිනය අදයි - හිරු සීල පාරමිතාව සෙංකඩගලට..
Sunday, 05 February 2023 - 7:16 | Views - 248
ශාසන ඉතිහාසයේ සැරියුත්, මුගලන් දෙනමට අග්රශාවක තනතුරු පිරිනැමීම ප්රධාන කරගත් සහ තවත් වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නවම් පුර පසළොස්වක පුන් පොහොය අද (05) යි.
ප්රථම සංඝ සන්නිපාතය සිදුවීම, ඕවාද ප්රාතිමෝක්ෂය මහා සංඝයාට දේශනා කිරීම, බුදුහිමි පිරිනිවන් පෑමට තෙමසකට පෙර ආයු සංස්කාරය අතහැරීමට ඉටා ගැනීම ආදී සිදුවීම් නවම් පොහොය දින සිදු වූ තවත් විශේෂ සිදුවීම්.
මේ අතර අද දින නවම් පොහොය නිමිත්තෙන් රට වටා බෞද්ධ සදැහැති ජනයා ආමිස හා ප්රතිපත්ති පූජාවල නිරත වන්නේ සිය ආගමික වන්දනයට මුල් තැන දෙමින්.
එමෙන්ම හිරු සීල පාරමිතාව පැවැත්වෙන්නේ අද මහනුවර - ලේවැල්ල ගංගාරාම විහාරස්ථානයේ සිටයි.
Share This Article