75 වන නිදහස් උළෙල නිමිත්තෙන් අද (03) පස්වරු 3 සිට කොළඹ නිදහස් චතුරස්‍රය අවට මාර්ග කිහිපයක විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.
පොලිස් මූලස්ථානය සඳහන් කළේ එම පරිශ්‍රයේ සංස්කෘතික ප්‍රසංගයක් පැවැත්වීම හේතුවෙන් මෙලෙස මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කර ඇති බවයි.
ඒ අනුව, නිදහස් මාවත, නිදහස් වටරවුමෙන් නිදහස් චතුරස්රයට ඇතුළුවෙන මාර්ගය, පදනම් මාර්ගය, ස්ටැන්ලි විජේසුන්දර මාවත ප්‍රදේශයෙන් පදනම් ආයතනයට ඇතුළු වන මාර්ගය, ප්‍රේමකීර්ති ද අල්විස් මාවත සහ රූපවාහිනි සංස්ථාව දෙසින් නිදහස් චතුරස්රයට ඇතුළු වන මාර්ග මෙම සංස්කෘතික ප්‍රසංගය අවසන් වන තෙක් වසා තැබෙනවා.