කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය ගැන CCTV වලින් හෙළි වූ රහස්..
Friday, 03 February 2023 - 15:56 | Views - 584
පැළවත්තේ සිය නිවසේ පිහිණුම් තටාකයේ දී අභිරහස් ලෙස මිය ගොස් සිටිය දී සිරුර සොයා ගත් කෝටිපති ව්‍යාපාරිකයාගේ ණය කාඩ් පත භාවිත කරමින් තායිලන්තයට ගුවන් ටිකට් පත් දෙකක් වෙන් කරවාගෙන ඇති බව වාර්තා වනවා.

මෙම කෝටිපති ව්‍යාපාරිකයා අතුරුදන් වීමෙන් අනතුරු ව ඔහුගේ ජංගම දුරකතනය සහ මුදල් පසුම්බිය අස්ථානගත වී ඇති අතර, එම මුදල් පසුම්බියේ තිබූ ණය කාඩ් පතක් භාවිතා කරමිනු යි ඔහු මෙලෙස අන්තර්ජාලය හරහා තායිලන්තයට යාම සඳහා ගුවන් ප්‍රවේශපත් වෙන් කරගෙන ඇත්තේ.

ඊට අමතර ව එම ණය කාඩ් පත භාවිත කරමින් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රය ආසන්නයේ දී වතුර බෝතල් දෙකක් ද මිල දී ගෙන ඇති බවටත් මෙතෙක් කරන ලද විමර්ශනවල දී හෙළි කරගෙන තිබෙනවා.

මේ අනුව විමර්ශන කණ්ඩායම් සැක කරන්නේ 50 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා ඝාතනය කළ කවුරුන් හෝ ඇතැම් විට දිවයිනෙන් බැහැර ව ගොස් ඇති බවට යි.

එසේම මේ සම්බන්ධ විමර්ශන වෙනතකට යොමු කිරීම සඳහා ද මෙලෙස සිදු කිරීමට ඉඩ ඇති බවත් විමර්ශන කණ්ඩායම් සැක පළ කරනවා.

කිරිබත්ගොඩ කේන්ද්‍ර කර ගත් ප්‍රසිද්ධ නිමි ඇදුම් වෙළෙඳසල් ජාලයක් හිමි මෙම කෝටිපති ව්‍යාපාරිකයාගේ මළසිරුර ඔහුට අයත් බත්තරමුල්ල - පැළවත්ත, එම්.ඩී.එච් පුර ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින නිවසක පිහිනුම් තටාකයක තිබී ඊයේ (02) දහවල් පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.

වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 50 හැවිරිදි මෙම ව්‍යාපාරිකයාගේ ඥාතියෙකු කළ පැමිණිල්ලකට අනුව විමර්ශන දියත් කළ පොලිසිය, මෙම මළසිරුර සොයාගත් අතර, ඔහු දින කිහිපයක සිට අතුරුදන් ව ඇති බවට යි එමඟින් දක්වා තිබුණේ.

මේ අතර, මෙම කෝටිපති ව්‍යාපාරිකයාගේ මෝටර් රථය මීගමුව ප්‍රදේශයේ ගරාජයක් ඉදිරිපිටට රැගෙන ආ ආකාරය සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු හෙළි ව තිබෙනවා.

පසුගිය 31 වැනි දා රාත්‍රියේ ආපදා රථයකින් එම මෝටර් රථය අදාළ ස්ථානයට රැගෙනවිත් ඇති බව යි පොලිසිය සිදු කරන ලද විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.

කටුනායක අධිවේගි මාර්ගයේ ජා -ඇල පිටවුමේ දී එම මෝටර් රථය කාර්මික දෝෂයකට ලක් ව ආපදා රථයකින් රැගෙන එන ආකාරය සී.සී.ටී.වී දර්ශනවල සටහන් වී තිබෙනවා.

දින කිහිපයක සිට තම ගරාජය ඉදිරිපිට මාර්ගයේ හිමිකරුවෙකු නොමැති මෝටර් රථයක් සැකකටයුතු ලෙස නවතා තිබෙන බව දුටු ගරාජයේ හිමිකරු ඒ සම්බන්දයෙන් මීගමුව පොලිසියට දැනුම් දී තිබෙනවා.

ගරාජයේ සී.සී.ටී.වී දර්ශනවලට අනුව, ආපදා රථය සමඟ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු එම ස්ථානයට පැමිණෙන ආකාරයත්, මෝටර් රථය අදාළ ස්ථානයේ තබා ඔවුන් එම ආපදා රථයේම නැඟී පිට ව යන ආකාරයත් සටහන් වී තිබෙනවා.

මේ වන විට අදාළ ආපදා රථයේ රියදුරු කොළඹ අපරාධ කොට්ඨාසය භාරයට ගෙන මෝටර් රථය සමඟ පැමිණි යුවළ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන බව සඳහන්.

මෙම ව්‍යාපාරිකයා අවසන් වරට සිය ව්‍යාපාරික ස්ථානයක් වෙත තම මෝටර් රථයෙන් පැමිණ පැළවත්ත, එම්.ඩී.එච් පුර ප්‍රදේශයේ නිවසේ යතුර රැගෙන ගොස් ඇති බව විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා.

ඔහු සමඟ තවත් පුද්ගලයෙකු අදාළ නිවසට ඇතුළු වන ආකාරය සී.සී.ටී.වී දර්ශනවල සටහන් වී ඇතත් මෝටර් රථයේ නැඟී නිවසින් පිට ව ගොස් ඇත්තේ, එක් පුද්ගලයෙකු පමණක් බව යි වාර්තා වන්නේ.

කොළඹ අපරාධ කොට්ඨාසය සැක කරන්නේ, අදාළ පුද්ගලයා ඝාතකයා විය හැකි බවට යි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top