විභාගය ලියලා එනින් ගමන අනඟ රැගුම් පාලා - වෙච්ච දේ
Friday, 03 February 2023 - 9:39 | Views - 788
මෙවර උසස් පෙළ විභාගයෙහි ප්‍රශ්න පත්‍රයකට මුහුණ දී නැවත නිවසට යමින් සිටි සිසුවියක සමඟ ඉංගිරිය නගර මධ්‍යයේ ප්‍රසිද්ධියේ අශෝභන අයුරින් පෙම් ජවනිකා රඟදක්වමින් සිටි තරුණයකු ඉංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ ජංගම දුරකතන සිම්පත් අලෙවි ස්ථානයක සේවය කරන 22 හැවිරිදි තරුණයෙකි. මෙම තරුණයා තවත් පිරිසක් ද සමඟ ඉංගිරිය නගර මධ්‍යයේ සිම්පත් අලෙවිකරණයේ යෙදී සිට ඇති බවත්, විභාගය අවසන්ව පාසල් නිල ඇඳුමින් ම අදාළ සිම්පත් අලෙවි කුටියට පැමිණ ඇති සිසුවිය මෙකී තරුණයා සමඟ අශෝභන අයුරින් එතුළ හැසිරී ඇති බවත්, මේ බව දැක ඇති නගරවාසීන් ඉංගිරිය පොලිසියට දුරකතන ඇමතුමකින් කරන ලද පැමිණිල්ලකට අනුව දෙදෙනා ම තම භාරයට ගෙන පොලිසියට රැගෙන ආ බවත් පොලිසිය පවසයි.

පසුව ඉංගිරිය පොලිසිය විසින් සිදුකරන ලද විමර්ශනයකින් පසු මේ දෙදෙනා පෙම්වතුන් බවත්, සිසුවිය හිතවත් කරගෙන ඇත්තේ තරුණයා විසින් ඇයට සිම්පතක් ලබාදීමෙන් බවත් හෙළිව ඇති අතර, පසුව ඉදිරි උසස් පෙළ විභාග කටයුතු වෙනුවෙන් පෙනී සිටීම ද සලකා බලා සිසුවියට දැඩි ලෙස අවවාද කර ඇයගේ මවගේ භාරයට පත්කර, තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

දිනමිණ 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top