සති අන්තයේ දී ගෑස් මිල යළි වැඩි වෙයි ?
Thursday, 02 February 2023 - 14:41 | Views - 1,395
කිලෝ ග්‍රෑම් 12.5 වර්ගයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 ත් 400 ත් අතර අගයකින් ඉහළ යනු ඇති බව ලිට්‍රෝ සමාගමේ ආරංචි මාර්ග සඳහන් කළා. මෙම සති අන්තයේ සිට එලෙස මිල සංශෝධනය වනු ඇති බවයි පැවසෙන්නේ.

පසුගිය ජනවාරි මාසයේ මැද භාගයේදි ලිට්‍රෝ සමාගම මේ සම්බන්ධයෙන් පෙර දැනුම්දීමක්ද කර තිබුණා.

ගෑස් මිල සූත්‍රයට අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700ත් 800 ත් අතර මිලකින් ඉහළ යාමට නියමිතයි. එහෙත් එලෙස වැඩි අගයකින් මිල වැඩි කිරීම නිසා පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා මෙලෙස රුපියල් 300 ත් 400 ත් අතර අගයකින් මිල වැඩි කිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

රුසියාව සහ යුක්‍රේනය අතර හටගෙන ඇති යුධමය වාතාරවරණය හේතුවෙන් ගෑස් මිල ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් වෙළඳපලේ අලෙවි වන්නේ රුපියල් 4409 කටයි.

මේ අතර, පෙට්‍රල් මිල ඉහල දැමුවද ත්‍රිරෝද රථ ගාස්තු වැඩි නොකරන බව ත්‍රිරෝද රථ වෘත්තීය සමිති ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 30කින් ඉහල දැමීමට ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව පියවර ගැනීමත් සමඟ ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල දැඩි තදබදයක් පැවතුණා. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top