විදුලි කප්පාදුව යළි ඇරඹෙන හැඩක්
Wednesday, 01 February 2023 - 13:29 | Views - 875
විදුලි උත්පාදනය සදහා අද සිට අතිරික්ත ජලය නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බව ජල කළමනාකරණ කමිටුව ප්‍රකාශ කළා.

ජල විදුලි බලාගාර ආශ්‍රීත ජලාශ සදහා පසුගිය දිනවල ප්‍රමාණවත් වර්ෂාවක් නො ලැබීම ඊට හේතුව බවයි එම කමිටුවේ ලේකම්, මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල සදහන් කළේ.

අමතර ජලය විදුලිය උත්පාදනය සදහා ලබාදීමට ජල කළමනාකරණ කමිටුව එකඟ වීම නිසා පසුගිය දින දෙකෙහි විදුලි කප්පාදුව සිදුවූයේ නැහැ.

කෙසේ වෙතත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකතනය කළ පරිදි ජල විදුලි බලාගාර ආශ්‍රිත ව ජලාශ වලට ප්‍රමාණවත් වර්ෂාවක් ලැබී නොමැති බවයි මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු සදහන් කළේ, එලෙස අතිරික්ත ජලය නො ලැබුණ හොත් අද සිට යලි විදුලි කප්පාදුව ආරම්භ කිරීමට සිදුවනු ඇති බව යි.

ඒ අනුව පැය 2යි විනාඩි 20ක් කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිත බව ඔහු සඳහන් කළා.

මේ අතර, උතුර, සහ උතුරු මැද පළාත්වලට හා ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ක පමණ තදවැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම, මාතලේ,මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමිටර 100ට තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එමෙන්ම, උතුරු උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පලාත්වලට පැයට කිලෝමිටර 50ත් 60ත් අතර තද සුළං බලාපොරොත්තු විය හැකි බව සදහන්.

ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රීත ව පවතින පීඩන අවපාතය බටහිර දෙසට ගමන් කරමින් පවතින අතර අද පෙරවරුවේ එය මඩකලපුවට කිලෝමිටර 110ක් පමණ නැගෙනිහිරට බරව ගිනිකොන දෙසට වන්නට පැවතියා.

එම පද්ධතිය අද නැගෙනහිර වෙරළ තීරය වෙතට ගමන් කිරීමට නියමිත බවයි කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top