චීනයේ අවිවාහක යුවළ සඳහා ද දරුවන් බිහි කිරීමට අවසර..
Wednesday, 01 February 2023 - 12:44 | Views - 2,869
ජනගහනය පාලනය කිරීම සඳහා විවිධ උපක්‍රම භාවිත කළ චීනයේ මේ වන විට ජනගහනය අඩු වීමට පටන්ගෙන ඇතැයි එරට දත්ත වාර්තා පෙන්වා දෙනවා.
පසුගිය වසරේදී චීනයේ ජනගහනය වසර 60කට පසු පළමු වරට පහළ ගොස් තිබුණු බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.
මේ අනුව, ජනගහනය වර්ධනය කිරීම සඳහා චීන රජය මේ වන විට ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
කෙසේ වෙතත්, ඊට පිළියමක් ලෙසයි සිචුවාන් පළාතේ පවුල් සඳහා දරුවන් බිහි කිරීමේ සීමා ඉවත් කර ඇත්තේ.
ඒ අනුව, ඔවුන්ට අවශ්‍ය සංඛ්‍යාවක් දරුවන් බිහි කිරීමට මෙමගින් අවසර ලැබෙන අතර අවිවාහක යුවළ සඳහා ද දරුවන් බිහි කිරීමට අවසර හිමි වී තිබෙනවා.
එහෙත්, මීට පෙර අවිවාහක කාන්තාවන්ට දරුවන් ලියාපදිංචි කිරීම තහනම් කර තිබුණු බවද විදෙස් මාධ්‍ය සඳහන් කළා.
Share This Article