හොරාගේ සැඟවුණු කරුණාවන්තකම
Wednesday, 01 February 2023 - 11:10 | Views - 910
පල්ලන්ඔය මංසන්ධියේදී , නතර කර තිබූ යතුරුපැදියක පිටුපස රෝදය සොරාගත් අ‍යකු, ඒ වෙනුවට තම යතුරුපැදි‍යේ ගෙවී ගොස් තිබූ රෝදය එම ස්ථානයේ දමා යාමේ සිද්ධියක් වාර්තා වී තිබෙනවා.

එක්තරා තරුණියක ඉකුත් 27 වැනිදා උදෑසන පල්ලන්ඔය මංසන්ධියට පැමිණියේ, නගරයට යාමේ බලාපොරොත්තුවෙනි. එහෙත්, උදෑසන ඇඟට වැදෙන සිසිල් සුළඟත් සමග ඇති වූ කම්මැලිකම හේතුවෙන් ඇය තම යතුරුපැදිය බෝ ගස අසල නවතා තබා බසයක නැග්ගාය.

රාත්‍රී 7.33ට පමණ එතැනට පැමිණ ඇති තරුණිය, තම යතුරුපැදිය පණ ගන්වාගෙන නිවෙසට යාමට සූදානම් වූ විට ඇයට දැකගන්නට ලැබුණේ, එහි පිටුපස රෝදය නැති බවය.

තවදුරටත් පරීක්ෂා කර බලද්දී ඇයට දැක ගැනීමට ලැබුණේ, අලුත්ම ටයරය සහිත රිම් වළල්ලද සමගම රෝදය සොරකු ගලවා‍ගෙන ගොස් ඇති බවය.

එහෙත්, තවදුරටත් වටපිට බලද්දී ඇයට පෙනුණේ, කට්ට ගෙවුණ පරණ රෝදයක් එතැන ඇති බවය. හොරා රෝදය එතැනම දමා යාමට කාරුණික වී තිබීම විශේෂත්වයක්.

යතුරුපැදිය නවතා තිබූ ස්ථානයේ දල්වා තිබූ ආරක්ෂිත විදුලි පහන් නිවා දමා මෙම සොරකම සිදු කර ඇති බව ඇයට ඒත්තු යන්නට වැඩි වේලාවක් ගත නොවීය.

තරුණිය ඉඟිනියාගල පොලීසියට පැමිණිලි කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් සිදු කරගෙන යන බව ඉඟිනියාගල පොලීසිය පවසනවා.


- ලංකාදීප
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top