දින 3ක දී දුම්රිය ගමන් වාර 123ක් අවලංගුයි
Wednesday, 01 February 2023 - 9:18 | Views - 588
දුම්රිය රියදුරු සහයකයන්ගේ හිඟය හේතුවෙන් දින 3ක කාලයක් ඇතුළත දුම්රිය ගමන් වාර 123ක් අවලංගු කළ බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.
ඒ අනුව පසුගිය මස 28 වන දින මඟී දුම්රිය 27ක් සහ ඉන්ධන හා භාණ්ඩ ප්රවාහන දුම්රිය 9 ද ඇතුළු ව ගමන්වාර 36ක් අවලංගු වී තිබෙනවා.
එමෙන්ම පසුගිය 29 වැනි දා මගී දුම්රිය 29 ක් සහ ඉන්ධන හා භාණ්ඩ ප්රවාහන දුම්රිය 15 ද ඇතුලුව ගමන් වාර 44ක් ද පසුගිය 30 වනදා මගී දුම්රිය 36ක් සහ ඉන්ධන සහ භාණ්ඩ ප්රවාහන දුම්රිය 12ක් ඇතුලු ව ගමන් වාර 43ක් අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.
Share This Article