දවසින් PASSPORT ගන්න යන අයට විශේෂ දැනුම් දීමක්
Wednesday, 01 February 2023 - 7:59 | Views - 2,443
විදේශ ගමන් බලපත්‍ර සකස් කර දෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර සකස් කර දෙන බවට පවසා ජාතික හැඳුනුම්පත් හා ලිපිද්‍රව්‍ය ලබාගෙන මෙම මුදල් වංචාව සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.
මේ පිළිබඳව තලංගම පොලීසියට ලද පැමිණිලි 3ක් මත විමර්ශන ආරම්භ කර තිබෙන අතර , ඒ අනුව ඊයේ (31) තලංගම පොලිස් ස්ථානය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සන්තකයේ තිබී පැමිණිකරුවන් දෙදෙනෙකුගේ ජාතික හැඳුනුම්පත් ද සොයා ගෙන තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.
කෙසේ වෙතත්, සැකකරුවන් අද (01) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article