සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත්‍ භාර ගැනීම - අද සිට
Wednesday, 01 February 2023 - 7:29 | Views - 1,138
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම්පත්‍ර කැඳවීම අද (01) සිට මේ මස 28 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදු කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව සියලු ම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පතිවරයා මගින් ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවමද අදාළ උපදෙස් අනුව මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

විභාග දෙපාර්තමේන්තුවේ  www.doenets.lk හෝ  www.onlineexams.gov.lk  යන නිල වෙබ් අඩවිවලට පිවිස හෝ විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම වන එක්සෑම්ස් ශ්‍රී ලංකා වෙත පිවිස අදාළ අයදුම්පත්‍ර යොමු කළ හැකියි.

අයදුම්පතේ මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවක දී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබාගන්නා ලෙස ද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

අයදුම්කරුවන් ඉදිරිපත්කිරීම සඳහා භාවිත කළ යුතු පරිශීලක නාම සහ මුරපද පාසල් ප්‍රධානීන් වෙත ලබා දී ඇති බවද අදාළ නිවේදනයේ සඳහන්.

මේ මස 28 වනදා මධ්‍යම රාත්‍රී 12 න් පසුව සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කළ නොහැකි අතර, ඉන්පසුව මාර්ගගත ප්‍රවේශය වසා තබන බවයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

කිසිදු හේතුවක් මත අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නො කරන බව ද ඔවුන් අවධාරණය කරනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top