කොළඹ තුරඟ තරග පිටියේ දී කොළඹ සරසවියේ ශිෂ්‍යාවක ඝාතනය කළ සැකකරු තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, අද (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මඟින්.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ, සැකකරු ලබන 13 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස යි.
ඉකුත් ජනවාරි මස 17 වැනි දා මෙම ශිෂ්‍යාව සිය පෙම්වතා අතින් ඝාතනයට ලක් වුණු අතර, දෙදෙනා ම කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු කළ ශිෂ්‍යයන් දෙදෙනෙක්.