විදුලි බිල වැඩි කළොත් - පාන් මිලත් ඉහළට ?
Monday, 30 January 2023 - 12:58 | Views - 580
විදුලි බිල වැඩි කිරීමක් සිදුකළ හොත් අනිවාර්යෙන්ම පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාමක් සිදු වනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරනවා. මේ වන විට බේකරිවල විදුලි බිල දැනටත් තිබුණු මිලට වඩා දෙගුණ වී ඇතැයි පවසන එම සංගමය සඳහන් කලේ, නැවත විදුලි බිල වැඩි කළහොත් බේකරි කර්මාන්ත කරුවන්ට කිසිසේත්ම දරාගත නොහැකි වන බව යි. කෙසේ වෙතත්, මේ වන විටත් බේකරි කර්මාන්තය ට අවශ්‍ය පාන් පිටි ,බිත්තර, සහ අනෙකුත් අමුද්‍රව්‍යවල මිල ඉහළ යාමත් ,ඉන්ධන සහ විදුලි බිල වැඩි වීමත් හමුවේ බේකරි කර්මාන්තය විශාල බිඳ වැටීමකට ලක් වී ඇතැයිද එම සංගමය වැඩිදුරටත් සඳහන් කළා. මෙම තත්ත්වය මත යම් හෙයකින් විදුලි බිල ද නැවත වැඩි කිරීමක් සිදුකළ හොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බවත් එසේ වුවහොත් බේකරි කර්මාන්තය තවත් බිඳ වැටීමට හේතු විය හැකි බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය මෙහිදී අවධාරණය කර සිටියා.
Share This Article