පිටරටින් දුරකතන ගෙන්වීමේ ජාවාරමක් ?
Monday, 30 January 2023 - 7:56 | Views - 604
නීතිවිරෝධී ලෙස මෙරටට දුරකථන ගෙන්වනු ලබන ජාවාරමක් ක්‍රියාත්මක වීම හේතුවෙන් තම ව්‍යාපාර කඩා වැටීමේ අවධානමක් මතුව ඇති බව ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසනවා.
මේ වනවිට මෙරටට ජංගම දුරකතන ඇතුළු භාණ්ඩ රැසක් ගෙන්වීම තාවකාලිකව අත්හිටුවා ඇති පසුබිමක ඇතැම් කණ්ඩායම් නීතිවිරෝධි ලෙස පාර්සල් ආකාරයෙන් ජංගම දුරකතන ගෙන්වන බවටයි වාර්තා වන්නේ.
එබැවින් රටට විශාල බදු මුදලක් අහිමිවන බවයි ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් සඳහන් කළේ.
Share This Article