ජනක සභාපති ධුරයෙන් ඉවත් කිරීමට තීරණයක් - කංචනට ජනකගෙන් පිළිතුරක් (Video)
Sunday, 29 January 2023 - 12:27 | Views - 889
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ, සභාපතිවරයාට අදාළ ව එම චෝදනා පත්‍රය ද මේ වනවිට (29) සකසා අවසන් කර ඇති බවයි.

ඒ අනුව එම චෝදනා පත්‍රය සහ ජනක රත්නායකව ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාව ද හිමිව ඇති බවයි අමාත්‍යවරයා අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී වැඩිදුරටත් සඳහන් කළේ.

තමන්ට එරෙහිව විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර විසින් සකසනු ලැබ ඇතැයි පවසන චෝදනා පත්‍රයට මුහුණදීමට තමන් නො ඉවසිල්ලෙන් බලා සිටින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

මේ අතර ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කැබිනට් අනුමැතිය හිමිවූ නව විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වූ නීතිපතිවරයාගේ මතය මහජන උපයෝගීතා කොමිසම වෙත ලබා දී ඇති බව ද අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළා.

ඒ අනුව එම කොමිසමට අද හෝ හෙට රැස්වී නව ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් කඩිනම් තීරණයක් ගත හැකි බවයි අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේ.

වැඩිදුර:-

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර තමාට එරෙහිව එල්ල කරන චෝදනා පත්‍රයට පිළිතුරු ලබාදීමට සූදානම් බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

ඒ සම්බන්ධයෙන් අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන බව ද ඔහු සඳහන් කළා.

අමාත්‍ය කංචන විජේසේකර අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට චෝදනා පත්‍රය සකස් කර අවසන් බවයි.

ඒ සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ලැබී ඇති බව ද ඔහු ප්‍රකාශ කළා. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top