මේ වසරේ සිට විද්‍යුත් ගමන් බලපත්‍ර ?
Saturday, 28 January 2023 - 14:56 | Views - 7,899
මේ වසරේ සිට විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රයක් හඳුන්වා දීමට රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.
නව විදේශ ගමන් බලපත්‍රයට ජීව දත්ත තොරතුරු ඇතුළත් විද්‍යුත් කාඩ්පතක් එක් කරන බවත්, මෙම ක්‍රමය ලොව බොහෝ රටවල් භාවිත කරන බවත් ඔහු සඳහන් කළ බව යි වැඩිදුරටත් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය ලිහිල් කිරීම සඳහා ප්‍රධාන කාර්යාලය සහ දැනට පවතින ප්‍රධාන ශාඛා 4 හැර දිවයින පුරා ශාඛා 54ක් ස්ථාපිත කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
Share This Article