උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් 331,000කගේ අයිතීන් උල්ලංඝණය වන බැවින්, විදුලි බල මණ්ඩලයේ කළමනාකරණ වැඩසටහන අනුමත කිරීම මහජන උපයෝගිතා කොමිසම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මේ අතර, උසස් පෙළ විභාගය පැවැත්වෙන ලබන 17 වැනි දා දක්වා කාලයේ දී විදුලි කප්පාදුවකට මුහුණ පෑමට සිදු වුව හොත් ඒ පිළිබඳ පැමිණිලි කරන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඒ අනුව 077 5 687 387 යන අංකයට වට්සැප් මගින් හෝ 011 2 392 641 දුරකතන අංකයට ෆැක්ස් මගින් පැමිණිලි සිදු කළ හැකියි.