ශිෂ්‍යත්වය ලියු දරුවන්ගේ දෙමාපියන්ට පණිවුඩයක්
Friday, 27 January 2023 - 11:03 | Views - 646
2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අපේක්ෂකයින් 329,668ක් පෙනී සිට ඇති අතර ඉන් 48,257 දෙනෙකු වෙනත් පාසල් සඳහා කඩඉම් ලකුණු සපුරා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, සියයට 14යි දශම 6යි 4ක් ඊට සුදුසුකම් ලබා ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

2021 වසරේ දී සිසුන් 335,158ක් ශිෂ්‍යත්ව විභායට පෙනී සිට ඇති අතර ඉන් 47,536 දෙනෙකු වෙනත් පාසල් සඳහා කඩඉම් ලකුණු සපුරා තිබුණා.

2021 වසරට සාපේක්ෂව 2022 වසරේදී අපේක්ෂකයින් අඩු ප්‍රමාණයක් ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වුව ද මේ වසරේ දී වෙනත් පාසල් සඳහා කඩයිම් ලකුණු සපුරා ඇති ප්‍රමාණයේ වැඩි වීමක් දක්නට ලැබෙන බව යි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අතර, 2022 වසරේදී 157,624 දෙනෙකු ලකුණු 100 හෝ ඊට වැඩියෙන් ප්‍රතිඵල ලබාගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 47.81ක්.

එමෙන්ම, ලකුණු 70 හෝ ඊට වඩා වැඩියෙන් 273,515 දෙනෙකු ලකුණු ලබාගෙන ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 82.97ක් බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

2022, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව ලකුණු 195 බැගින් ලබාගත් සිසුන් දෙදෙනකු මිනුවන්ගොඩ රෙජී රණතුංග විද්‍යාලයෙන් සහ වේයන්ගොඩ ප්‍රාථමික විද්‍යාලයෙන් වාර්තා වුණා.

ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය නම් පෙබරවාරි 28 වැනි දා පෙරට අභියාචනා ඉදිරිපත් කළ යුතු වනවා.

මේ අතර, ගල්ගමුව අධ්‍යාපන කොට්ඨාශයේ ඇහැටුවැව බණ්ඩාරනායක ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානයේ දී ගුරුවරියක විසින් ප්‍රශ්න පත්‍ර බෙදා හැරීමේ දී අසාධාරණයක් වූ බව කියන සිසුන් 11 දෙනාගෙන් දෙදෙනෙකු ද විභාගය සමත් වී තිබෙනවා.

මේ අතර, ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් කියා සිටියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලය කුමක් වූවත්, දරුවන්ගේ මානසික මට්ටම ඉහළ නැංවෙන ආකාරයට දෙමව්පියන් කටයුතු කළ යුතු බව යි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top