මෙම මස රාජ්‍ය සේවක වැටුප ලැබෙන දිනය ගැන නිවේදනයක්
Monday, 23 January 2023 - 14:17 | Views - 1,054
රාජ්‍ය සේවකයින්ට ජනවාරි මස වැටුප ලැබෙන දිනයන් පිළිබඳ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, ඇමතිවරයා සඳහන් කර ඇත්තේ, විධායක නොවන සේවකයින්ගේ වැටුප ජනවාරි මස 25 වනදා ගෙවීමට නියමිත බව යි.
එසේම, විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ වැටුප ද ජනවාරි මස 25 වනදා හෝ 26 වනදා ගෙවීමට නියමිත බව ද ඇමතිවරයා නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
Share This Article