විදෙස් රැකියා ආයතනයක හිමිකරුවෙකු අත්අඩංගුවට
Monday, 23 January 2023 - 13:06 | Views - 2,172
සංචාරක වීසා මත නීතිවිරෝධීව විදෙස් රැකියා සඳහා පුද්ගලයන් යැවූ මරදානේ පිහිටි විදේශ රැකියා ආයතනයක හිමිකරුවෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (23) පෙරවරුවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින් සහ පොලීසිය එක්ව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් මතයි.

ඕමානයට සංචාරක වීසා මත පුද්ගලයන් යැවීමේ ජාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය සිදුකළ විමර්ශනවලට අදාළ ඕමානයේ රැඳී සිටි කාන්තාවක් හමුව තිබෙනවා.

ඇය, කොලොන්නාවේ පදිංචි උප ඒජන්තවරයෙකු මාර්ගයෙන් මරදානේ පිහිටි විදේශ රැකියා ආයතනයක් හරහා ඕමානයට ගිය බවටයි විමර්ශන නිලධාරින් සඳහන් කළේ.

පසුව මෙම උප ඒජන්තවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ විදේශ රැකියා ආයතනයේ හිමිකරුට එරෙහිව අධිකරණය විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා.

ඒ අනුව, අද පෙරවරුවේ ඔහු දිවයිනට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව සඳහන්. 

කෙසේ වෙතත්, මෙවැනි වංචනිකයින් වඩාත් සිටින බැවින් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ ජනතාව නිසි පරිදි සොයා බලා , කටයුතු කළ යුතු බවයි. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top