ලාසා වෛරසය ආසාදනය වූ 105ක්
Monday, 23 January 2023 - 11:58 | Views - 516
ලාසා වෛරසය ආසාදනය වූ 105 දෙනෙකු නයිජිරියාවෙන් වාර්තා වී තිබෙනවා.

එම වෛරසය ආසාදිත බවට සැක කෙරෙන තවත් 369දෙනෙකු හඳුනාගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ජනවාරි මස 2 වැනිදා සහ 15 වැනිදා අතර, කාලය තුළ මෙම රෝගීන් වාර්තා වී ඇති අතර, නයිජිරියාවේ ප්‍රාන්ත 10ක එය ව්‍යාප්තව ඇති බවටයි පැවසෙන්නේ.

ඉබෝලා, මාබර්ග් වැනි මාරාන්තික වෛරසයක් වන මෙය මීයන් හරහා ව්‍යාප්ත වන අතර, මුල්වරට එය සොයා ගනු ලැබුවේ නයිජිරියාවේ ඊසානදිග බෝනෝ ප්‍රාන්තයෙන්.

ඒ, 1969 වසරේ දීයි.

උණ, හිසරදය, උගුරේ වේදනාව, කැස්ස, පාචනය, මාංශ පේෂි වේදනාව මෙන්ම, පපුවේ වේදනාව ද මෙම ලාසා රෝගයේ ලක්ෂණ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top