ගැබිණි කාන්තාවන්ගේ මාස 05 ඉක්මවු මේරූ ළදරු කළළ මව් කුස තුලදීම මරා දමා එම සිරුරු රහසිගතව වළදැමීමේ සංවිධානාත්මක ජාවාරමක තොරතුරු අනාවරණය වුණා.
මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් කලක් තිස්සේ සිදුකළ විමර්ශනයක ප්රතිඵලයක් ලෙස මෙම ජාවාරමේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටද මේ වන විට හැකි වී තිබෙනවා.
15 හැවිරිදි දැරියක් තිදරු පියෙකු විසින් දුෂණය ලක් කිරීමෙන් පසුව පවරා තිබූ නඩුවකින් බේරීම සඳහා එම දැරිය වයස අවුරුදු 18 සම්පුර්ණවන විට විවාහ කර ගන්නා බවට පොරොන්දු ලබා දී අදාළ පුද්ගලයා මීට වසරකට පමණ පෙර දෙයියන්දර ප්රදේශයේ කාමරයක එම දැරිය රදවා තබාගෙන තිබුනා.
එම අවස්ථාවේදී ගැබ් ගෙන තිබූ දැරිය සැකකරු විසින් මාතර - පිටබැද්දර හුලංදාව ප්රදේශයට රැගෙන ගොස් තිබුනා.
එහිදී'තරුණියගේ කැමැත්තකින් තොරව මාස 5 ක් පමණ වයසැති බිළිදු කළලය ඝාතනය කර මාවරල ප්රදේශයේ සැකකරුගේ නිවස අසල වළදමා ඇති බවටයි තොරතුරු හෙලිව ඇත්තේ.
අදාල තොරතුරත් සමග මාතර කොට්ඨාස භාර ජේ්යෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා මහතාගේ උපදෙස් මත අදාල ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණා.
ඒ අනුව මාතර - දෙයියන්දර මහේස්ත්රාත්වරිය ඉදිරියේ පසුගිය දිනක එම ඝාතනය කළ ළදරු කළලය ගොඩගනු ලැබුවේ මෙලෙසින්.