නූපන් කළල මරා දමන හොර දොස්තර ඇල්ලූ CIA මෙහෙයුම (Video)
Monday, 23 January 2023 - 10:27 | Views - 1,757
ගැබිණි කාන්තාවන්ගේ මාස 05 ඉක්මවු මේරූ ළදරු කළළ මව් කුස තුලදීම මරා දමා එම සිරුරු රහසිගතව වළදැමීමේ සංවිධානාත්මක ජාවාරමක තොරතුරු අනාවරණය වුණා.

මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් කලක් තිස්සේ සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම ජාවාරමේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටද මේ වන විට හැකි වී තිබෙනවා.

15 හැවිරිදි දැරියක් තිදරු පියෙකු විසින් දුෂණය ලක් කිරීමෙන් පසුව පවරා තිබූ නඩුවකින් බේරීම සඳහා එම දැරිය වයස අවුරුදු 18 සම්පුර්ණවන විට විවාහ කර ගන්නා බවට පොරොන්දු ලබා දී අදාළ පුද්ගලයා මීට වසරකට පමණ පෙර දෙයියන්දර ප්‍රදේශයේ කාමරයක එම දැරිය රදවා තබාගෙන තිබුනා.

එම අවස්ථාවේදී ගැබ් ගෙන තිබූ දැරිය සැකකරු විසින් මාතර - පිටබැද්දර හුලංදාව ප්‍රදේශයට රැගෙන ගොස් තිබුනා.

එහිදී'තරුණියගේ කැමැත්තකින් තොරව මාස 5 ක් පමණ වයසැති බිළිදු කළලය ඝාතනය කර මාවරල ප්‍රදේශයේ සැකකරුගේ නිවස අසල වළදමා ඇති බවටයි තොරතුරු හෙලිව ඇත්තේ.

අදාල තොරතුරත් සමග මාතර කොට්ඨාස භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා මහතාගේ උපදෙස් මත අදාල ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණා.

ඒ අනුව මාතර - දෙයියන්දර මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ පසුගිය දිනක එම ඝාතනය කළ ළදරු කළලය ගොඩගනු ලැබුවේ මෙලෙසින්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top