උසස් පෙළ ආරම්භ කලත් අදත් විදුලිය කැපෙයි (Video)
Monday, 23 January 2023 - 10:06 | Views - 798
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (23) ආරම්භ වුවත් පැය 02 යි විනාඩි 20 ක විදුලි කප්පාදුව තවදුරටත් ක්‍රියාත්මක බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ උසස් පෙළ පැවැත්වෙන කාලය තුළ විදුලි කප්පාදුවක් සිදුනොකරන ලෙසට තම කොමිසම විදුලිබල මණ්ඩලයට නිර්දේශ කර ඇති බවයි.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදුවක් සිදුනොකරන ලෙස කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසමේ සහ විදුලිබල මණ්ඩලයේ එකඟත්වය හිමිවූ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.

මේ අතර ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලින් ද අද මාධ්‍ය හමුවක් කැඳවමින්, විභාග කාලසීමාවේ විදුලි කප්පාදුව සිදු නොකරන ලෙස ඉල්ලීමක් කළා.

උසස් පෙළ විභාගය වෙනුවෙන් අතිරේක දුම්රිය ගමන්වාර 16ක් ක්‍රියාත්මක බවයි නියෝජ්‍ය දුම්රිය ගමනාගමන අධිකාරී එන්. ජේ. ඉදිපොළගේ කියා සිටියේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top