උසස් පෙළ ඇරඹෙයි - අමතර කාලයකුත් හිමි වෙයි (Video)
Monday, 23 January 2023 - 7:08 | Views - 701
2022 වසරට අදාළ අධ්‍යයන උසස් පෙළ විභාගය අද (23) දිනයේ දී පැවැත්වීමට මේ වනවිට සියල්ල සූදානම් කර තිබෙනවා.

ඒ අනුව විභාගය පෙරවරු 8ට විභාග මධ්‍යස්ථාන 2200ක දී පැවැත්වෙනු ඇති.

මෙවර විභාගයේ රචනා ප්‍රශ්න සඳහා අමතර විනාඩි 10ක කාලයක් ද පිරිනැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

අදින් ඇරඹෙන උසස් පෙළ විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් 331,709 දෙනෙකු පෙනී සිටීමට නියමිතයි.

පෙබරවාරි මස 17 වැනි දින තෙක් මෙවර ව්භාගය පැවැත්වෙනු ඇති අතර, සියලු ම විභාග මධ්‍යස්ථාන අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යොදා ඇති බවත් ඊයේ දිනයේ දී විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

මේ අතර අද දිනයේ සිට අඛණ්ඩව දරුවන්ට නියමිත වේලාවට විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට පොදු ප්‍රවාහන සේවයට විශේෂ වැඩපිළිවෙළක් සකසා ඇති බව ද ඊයේ දිනයේ දී දැනුම්දුන්නා.

කෙසේවෙතත් විභාග කාල සීමාව තුළ කිසිදු අයුරකින් විදුලි කප්පාදුව සිදු නොකරන බවට අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළ ද, ඊයේ රාත්‍රිය වනවිට මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කරනු ලැබුවේ අදත් විදුලිය කාණ්ඩ යටතේ පැය 02කුත් විනාඩි 20ක කාලයක් විදුලිය කැපෙන බවයි.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top