උ/පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ විදුලි කප්පාදුව ?
Saturday, 21 January 2023 - 10:00 | Views - 1,032
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ දෛනික විදුලි කප්පාදුව රාත්‍රී 7න් පසුව සිදු නොකරන්නැයි මහජන උපයෝගිතා කොමිසම නිර්දේශ කර තිබෙනවා.

මේ අතර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ අඛණ්ඩව විදුලිය සැපයීමට නම් රුපියල් බිලියන 5ක මුදලක් අවශ්‍ය බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කැබිනට් මණ්ඩලයට පසුගියදා දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත්, අදාළ දින 22 තුළ විදුලිය අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර තවත් දින දෙකකින් පසුව එනම්, එළඹෙන එළඹෙන සඳුදා ආරම්භ වන උසස් පෙළ විභාගය සඳහා මේ වනවිටත් සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.

ඔහු කියාසිටියේ කිසියම් අපේක්ෂකයෙකුට වලංගු හැඳුනුම්පත් හෝ ප්‍රවේශ පත්‍රයක් නොමැති වුව ද විභාගයට පෙනී සිටිය හැකි බවයි.

එමෙන්ම විභාග කොමසාරිස්වරයා කියා සිටියේ විභාග ගැටලු සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් දැනුම්දීමට 1911 ක්ෂණික දුරකථන අංකය මෙන්ම, 0112 784 208, 0112 784 537, 0112 785 211 සහ 0112 786 616 යන අංක පැය 24 පුරා විවෘත බවයි.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top