නානුඔයේ දී මාරක රිය අනතුරක් - පුද්ගලයින් 7 මරුට (Video & Photos)
Saturday, 21 January 2023 - 7:02 | Views - 1,791
Updated - 2023.01.21 - 10.00 AM

නානු ඔය දී ඊයේ (20) සිදු වූ බස් - වෑන් රථ අනතුරින් පාසල් සිසුවෙක් මිය ගොස් තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ 14 හැවිරිදි Ahamed Zain.

ඔහුගේ දේහය දික්ඔය ජුම්මා පල්ලියේ තැන්පත් කර තිබෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අද (21) පස්වරු 3.30ට සිදුකිරීමට නියමිතයි.

No description available.
......................................................................................................................

Updated - 2023.01.21 - 9.03 AM


නානුඔය අනතුරෙන් තුවාල ලැබූවන් රැගෙන ඒම සඳහා අවශ්‍ය නම් ගුවන් හමුදාවේ MI-17 හෙලිකොප්ටරයක් සූදානම් බව ගුවන් හමුදාව පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඒ සඳහා රත්මලාන ගුවන් හමුදා කඳවුරේ මෙම යානය සූදානම් කර තබා ඇති බවයි. 

....................................................................................................................

නානුඔය අනතුරේ තුවාලකරුවන්ට සියලු පහසුකම් සළසන ලෙස ජනපතිගෙන් උපදෙස්

නුවරඑළිය - නානුඔය ප්‍රදේශයේ ඊයේ (20) රාත්‍රියේ සිදු වූ අනතුරින් තුවාල ලැබූවන්ට සියලු පහසුකම් සළසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම, අනතුරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයින් අවශ්‍ය වුවහොත් කොළඹට රැගෙන ඒමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙම අනතුරින් පුද්ගලයින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 53 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂවරයා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් හත්දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි.

මෙම අනතුර සිදුව තිබුණේ අධ්‍යාපන චාරිකාවක් ගොස් යළි කොළඹ බලා පැමිණෙන තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක් සහ නුවරඑළිය බලා ධාවනය වූ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන්. එහිදී ත්‍රිරෝද රථයක්ද අනතුරට ලක්ව තිබූ අතර, බස් රථය මාර්ගයෙන් ඉවතට පෙරළී ගොස් තිබුණා.

අනතුරින් මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් හයදෙනෙකු සහ ත්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයෙකු බවටයි වාර්තා වන්නේ.

මේ අතර කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පතිවරයා සඳහන් කළේ අදාළ අනතුරින් බස් රථයේ ගමන් ගත් සිසුන් කිසිවෙකුටත් බරපතළ තුවාල සිදුව නොමැති බවයි.

අනතුර වර්තාවීමෙන් පසු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ඊයේ (20) රාත්‍රියේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයට පැමිණ තිබුණා.

එමෙන්ම, අනතුරට මුහුණ දුන් සිසුන් කිහිප දෙනෙකු සමාජ මාධ්‍ය වෙත වීඩියෝ පටයක් නිකුත් කර තිබුණා. 

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top