මාස කිහිපයකදී - ලක්ෂ 20 ක අඳුරට හුරුවෙලා (Video)
Saturday, 21 January 2023 - 6:55 | Views - 341
අමාත්‍ය මණ්ඩලය මගින් යෝජනා කළ පරිදි විදුලි ගාස්තු සංශෝධනය කඩිනමින් සිදුකිරීමට තමන් විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක පවසනවා.

කෙසේ වෙතත්, එහි අනෙකුත් සාමාජිකයන් ප්‍රකාශ කර ඇත්තේ විදුලි ගාස්තු සංශෝධනය කැබිනට් තීරණයට අනුව කඩිනමින් සිදුකර පසුව කොමිසම විසින් එය ගණනය කර ගාස්තුවට ගැලපීමට කටයුතු කළ යුතු බවයි.

මෙවන් පසුබිමක් තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කොමිසමේ සභාපතිවරයා හැර අනෙකුත් සාමාජිකයන් ඊයේ කැඳවා සාකච්ඡාවක් ද සිදුකර තිබුණා.

පසුව එදිනම කොමිසමේ සාමාජිකයන් පාර්ලිමේන්තුවේ පැවති මහජන සභාව හමුවට කැඳවා තිබුණේ ද අමාත්‍ය මණ්ඩලය යෝජනා කළ පරිදි විදුලි ගාස්තු සංශෝධනය සිදුනොකරන්නේ ඇයි ද යන්න සම්බන්ධයෙන් විමසීම සඳහායී.

කෙසේ වෙතත්, පසුගිය 12 වනදා කොමිසම රැස්වී තීරණය කර තිබුණේ අදාළ යෝජනාව නීතියට පටහැනි බැවින් ඊට අනුමැතියක් ලබා නොදීමටයි.

එවන් පසුබිමක ඊයේ පාර්ලිමේන්තුවේ පැවති මහජන සභාවේදී මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා හැර අනෙකුත් සාමාජිකයන් තුන් දෙනා ප්‍රකාශ කර තිබුණේ අදාළ තීරණය ගෙන තිබුණේ නිසි දැනුවත්වීමකින් තොරව බවයි.

ඒ අනුව කොමිසමේ සාමාජිකයන් සහ සභාපතිවරයාගේ මතය අතර බෙදීමක් හටගෙන තිබුණා.

ඒ අනුව අද දිනයේදී මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක කොමිසමේ සාමාජිකයන් විශේෂ සාකච්ඡාවක් සඳහා කැඳවීමට පියවර ගනු ලැබුවා.

එම සාකච්ඡාවට එක්වීමෙන් අනතුරුව එහි උප සභාපති උදේනි වික්‍රමසිංහ, කොමසාරිස්වරුන් වන මොහාන් සමරනායක සහ චතුරිකා විජේසිංහ පිටත්ව යන අවස්ථාවේදී විදුලි පාරිභෝගිකයන්ගේ සංගමයේ සාමාජිකයන් අතර ඇතිවූයේ මෙවන් සංවාදයක්.

සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුව විදුලි ගාස්තු සංශෝධනය සිදු කිරීමට යෑමේ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තමන් නීතියේ පිහිට පතන බවයි.

එසේම, සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ විදුලි ගාස්තු පසුගිය අගෝස්තු මාසයේදී ඉහළ දැමීමෙන් පසුව ගතවූ මාස දෙක, තුන ඇතුළත කාලයේදී මිලියන දෙකක පමණ පාරිභෝගිකයන්ගේ විදුලි සම්බන්ධතා විසන්ධි කිරීමට කටයුතු කර ඇති බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top